Monday, February 14, 2011

ජලය

ජලය හා එහි උපයෝගීතාව
Wednesday, 17 March 2010 09:29

මීට වසර බිලියන 3.5 කට පෙර පෘථිවිය මත ප්රථමයෙන්ම ජීවය බිහිවූවා යැයි සැලකෙන්නේ ජලය තුලය. ඉන්පසු ජීවීන් ක්රමයෙන් ගොඩබිමට සංක්රමණය වූවා යැයි සැලකේ. එසේම පෘථිවිය මත ජීවත් වන්නා වූ ඕනෑම ජීවියෙකුගේ බර අනුව ගත් කල 50%ත් 90%ත් අතර ප්රමාණයක් අන්තර්ගත වන්නේද ජලයයි. මින් ගම්යවන්නා වූ වැදගත්ම දෙය නම් ජලයෙන් තොර ජීවයක් පැවතීම අසීරු බවයි.
හයිඩ්රජන් පරමාණු දෙකකිනුත් ඔක්සිජන් පරමාණුවකිනුත් සැදුම් ලත් ජලය ජීවීන්ට වැදගත් වන්නේ එය සතු අති විශේෂ ගුණාංග නිසාය.
• සාමාන්යය උෂ්ණත්වයේදී ජලය ද්රවයකි - මෙනිසා හොදින් පරිවහනය වීමටත් ද්රාවකයත් ලෙස ක්රියා කිරීමටත් හැකිවේ.
• ඉතා හොඳ ද්රාවක හැකියාවක් තිබීම - ජලය තුළ බොහෝ ද්රව්ය හොදින් ද්රවනය වීම නිසා ඒවා පහසුවෙන් ජීවී දේහ තුළ එහා මෙහා පරිවහනය කල හැක. එසේම ජලජ ජීවීනට, නිමග්න ජලජ ශාක ආදියෙහි ස්වසනට අවශ්ය ඔක්සිජන් ලබාගන්නේද පසෙහි ඇති ඛනිජ හා වෙනත් පෝෂක, ශාක විසින් තම මූල පද්ධතිය උපයෝගී කොට ගෙන අවශෝශණය කරන්නේද මිනිස් දේහය තුළ ද්රව්ය පරිවහනය කරන්නේද ජලය සතු මෙම ගුණය උපයෝගී කොට ගෙනය.
• විශිෂ්ඨ තාපධාරිතාව අධික වීම - ජලය කිලෝග්රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නැංවීමට අසාමාන්ය ලෙස ඉහල ශක්තියක් අවශ්යය. මෙනිසා අධික තාපයක් හමුවේ වුවද ජලයෙහි උෂ්ණත්ව විචලනය ස්වල්ප අගයක් ගනී. එය ජලීය මාධ්ය වල උෂ්ණත්වය නියතව තබා ගැනීමට උපකාරී වේ.
• වාශ්පීකරණයේ ගුප්ත තාපය අධික වීම - යම් පෘෂ්ඨයක් මත ඇති ද්රවයක් වාශ්ප වී එම පෘෂ්ඨයෙන් ඉවත් වීම සඳහා අවශ්ය තාප ශක්තිය ලබා ගන්නේ අදාල පෘෂ්ඨයෙනි. එනිසා අදාල පෘෂ්ඨයෙන් තාපය ඉවත් වීම නිසා එය සිසිල් වේ. මෙම ක්රියාව සමෙන් දහඩිය ඉවත් කිරීමේදී ද උත්ස්වේදනයෙන් ශාක තුල ඇති ජලය ඉවත් කිරීමේදී ද සිදු වන අතර එමගින් එම සත්ව, ශාක දේහ සිසිල් වේ.
• විලයනයේ ගුප්ත තාපය අධික වීම හා අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු අගයක් ගැනීම - ජලය අයිස් බවට පත්වීමට ඉතා අධික තාපයක් ජලයෙන් ඉවත් විය යුතුය. එනිසා සුළු උෂ්ණත්ව වෙනස් වීම් වලදී ජලය මිදීමට ලක් නොවේ. එසේම ජලාශයක ජලය අයිස් බවට පත්වීම සිදුවන්නේ ඉහල ස්ථරයේ සිට පහලටය. ඒ අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා අයිස් ජලය මත ඉපිලීම හේතුවෙනි. එසේම මතුපිට ස්ථර වලට වඩා පහල ස්ථර වල උෂ්ණත්වයද වෙනස් ය. මෙනිසා ජලජ ජීවින්ගේ ජීවිත වලට ඇතිවන බාධා යම්තාක් දුරට අඩුවේ.
මීට අමතරව සංශුද්ධ/වාතය සමඟ නොගැටුන ජලය උදාසීන PH අගයක් ගැනීම ද ජල අණු ස්වයං අයණීකරනයට ලක්වීම නිසා යම් තාක් දුරට ස්වාරක්ෂක ගුණ පෙන්වීම ද පෘෂ්ඨික ආතතියක් පැවතීම ද අවර්ණ වීම ද වැදගත් ලක්ෂණයන් ය.

සමස්ථ පෘථිවි පෘෂ්ඨයම ගත් කල ඉන් 75%ක් පමණ ජලයෙන් ආවරණය වී පවතී. නමුත් සමස්ත ජලයෙන් 97%ක් ම සාගර ජලය යි. මිරිදිය ඇත්තේ 3% කි. නමුත් ඉන් ද 2.25% ක් ධ්රැව අයිස් ලෙස පවතී. ඉතිරියෙන් ද බහුතරයක් භූගත ජලය ලෙස පවතී. එනිසා මිනිසාට ප්රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එම ජලයද නිසි කලමණාකරණයකින් තොරව භාවිතය නිසා ජලය නැවත ප්රයෝජනයට ගතනොහැකි තත්වයකට පත්විය හැක. එනිසා දුලබ සම්පතක් වන ජලය නිසි කලමණාකරණයකින් යුතුව භාවිතා කිරීමට අප සැමගේ අවධානය ලක් විය යුතුය.