Monday, February 14, 2011

ජලය

ජලය හා එහි උපයෝගීතාව
Wednesday, 17 March 2010 09:29

මීට වසර බිලියන 3.5 කට පෙර පෘථිවිය මත ප්රථමයෙන්ම ජීවය බිහිවූවා යැයි සැලකෙන්නේ ජලය තුලය. ඉන්පසු ජීවීන් ක්රමයෙන් ගොඩබිමට සංක්රමණය වූවා යැයි සැලකේ. එසේම පෘථිවිය මත ජීවත් වන්නා වූ ඕනෑම ජීවියෙකුගේ බර අනුව ගත් කල 50%ත් 90%ත් අතර ප්රමාණයක් අන්තර්ගත වන්නේද ජලයයි. මින් ගම්යවන්නා වූ වැදගත්ම දෙය නම් ජලයෙන් තොර ජීවයක් පැවතීම අසීරු බවයි.
හයිඩ්රජන් පරමාණු දෙකකිනුත් ඔක්සිජන් පරමාණුවකිනුත් සැදුම් ලත් ජලය ජීවීන්ට වැදගත් වන්නේ එය සතු අති විශේෂ ගුණාංග නිසාය.
• සාමාන්යය උෂ්ණත්වයේදී ජලය ද්රවයකි - මෙනිසා හොදින් පරිවහනය වීමටත් ද්රාවකයත් ලෙස ක්රියා කිරීමටත් හැකිවේ.
• ඉතා හොඳ ද්රාවක හැකියාවක් තිබීම - ජලය තුළ බොහෝ ද්රව්ය හොදින් ද්රවනය වීම නිසා ඒවා පහසුවෙන් ජීවී දේහ තුළ එහා මෙහා පරිවහනය කල හැක. එසේම ජලජ ජීවීනට, නිමග්න ජලජ ශාක ආදියෙහි ස්වසනට අවශ්ය ඔක්සිජන් ලබාගන්නේද පසෙහි ඇති ඛනිජ හා වෙනත් පෝෂක, ශාක විසින් තම මූල පද්ධතිය උපයෝගී කොට ගෙන අවශෝශණය කරන්නේද මිනිස් දේහය තුළ ද්රව්ය පරිවහනය කරන්නේද ජලය සතු මෙම ගුණය උපයෝගී කොට ගෙනය.
• විශිෂ්ඨ තාපධාරිතාව අධික වීම - ජලය කිලෝග්රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නැංවීමට අසාමාන්ය ලෙස ඉහල ශක්තියක් අවශ්යය. මෙනිසා අධික තාපයක් හමුවේ වුවද ජලයෙහි උෂ්ණත්ව විචලනය ස්වල්ප අගයක් ගනී. එය ජලීය මාධ්ය වල උෂ්ණත්වය නියතව තබා ගැනීමට උපකාරී වේ.
• වාශ්පීකරණයේ ගුප්ත තාපය අධික වීම - යම් පෘෂ්ඨයක් මත ඇති ද්රවයක් වාශ්ප වී එම පෘෂ්ඨයෙන් ඉවත් වීම සඳහා අවශ්ය තාප ශක්තිය ලබා ගන්නේ අදාල පෘෂ්ඨයෙනි. එනිසා අදාල පෘෂ්ඨයෙන් තාපය ඉවත් වීම නිසා එය සිසිල් වේ. මෙම ක්රියාව සමෙන් දහඩිය ඉවත් කිරීමේදී ද උත්ස්වේදනයෙන් ශාක තුල ඇති ජලය ඉවත් කිරීමේදී ද සිදු වන අතර එමගින් එම සත්ව, ශාක දේහ සිසිල් වේ.
• විලයනයේ ගුප්ත තාපය අධික වීම හා අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු අගයක් ගැනීම - ජලය අයිස් බවට පත්වීමට ඉතා අධික තාපයක් ජලයෙන් ඉවත් විය යුතුය. එනිසා සුළු උෂ්ණත්ව වෙනස් වීම් වලදී ජලය මිදීමට ලක් නොවේ. එසේම ජලාශයක ජලය අයිස් බවට පත්වීම සිදුවන්නේ ඉහල ස්ථරයේ සිට පහලටය. ඒ අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා අයිස් ජලය මත ඉපිලීම හේතුවෙනි. එසේම මතුපිට ස්ථර වලට වඩා පහල ස්ථර වල උෂ්ණත්වයද වෙනස් ය. මෙනිසා ජලජ ජීවින්ගේ ජීවිත වලට ඇතිවන බාධා යම්තාක් දුරට අඩුවේ.
මීට අමතරව සංශුද්ධ/වාතය සමඟ නොගැටුන ජලය උදාසීන PH අගයක් ගැනීම ද ජල අණු ස්වයං අයණීකරනයට ලක්වීම නිසා යම් තාක් දුරට ස්වාරක්ෂක ගුණ පෙන්වීම ද පෘෂ්ඨික ආතතියක් පැවතීම ද අවර්ණ වීම ද වැදගත් ලක්ෂණයන් ය.

සමස්ථ පෘථිවි පෘෂ්ඨයම ගත් කල ඉන් 75%ක් පමණ ජලයෙන් ආවරණය වී පවතී. නමුත් සමස්ත ජලයෙන් 97%ක් ම සාගර ජලය යි. මිරිදිය ඇත්තේ 3% කි. නමුත් ඉන් ද 2.25% ක් ධ්රැව අයිස් ලෙස පවතී. ඉතිරියෙන් ද බහුතරයක් භූගත ජලය ලෙස පවතී. එනිසා මිනිසාට ප්රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එම ජලයද නිසි කලමණාකරණයකින් තොරව භාවිතය නිසා ජලය නැවත ප්රයෝජනයට ගතනොහැකි තත්වයකට පත්විය හැක. එනිසා දුලබ සම්පතක් වන ජලය නිසි කලමණාකරණයකින් යුතුව භාවිතා කිරීමට අප සැමගේ අවධානය ලක් විය යුතුය.

Wednesday, January 26, 2011

පරිසරය සහ බුදු දහම

පරිසරය හා බෞද්ධ ආකල්පය






පරිසරය ප්‍රායෝගික ජීවිතයේ අංක එකට වැදගත් වන සාධකයකි. මිනිසාට පමණක්‌ නොව සෑම සත්ත්වයකුටම පරිසරයෙන් තොරව ජීවිතයක්‌ බලාපොරොත්තු විය නොහැකිය. වාතය, ජලය, ගස්‌කොළන් මේ තුළින් සියලුම සත්ත්වයන් පෝෂණය වන අතර එයින් තොරව කිසිදු සත්වයකුට ජීවයක්‌ පවත්වා ගැනීමට සිතීම පවා අපහසුය. බුදුන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක්‌ ගතකර ඇත්තේ ස්‌වාභාවික පාරිසරික වස්‌තූන් සමඟ ගැටෙමින් ය. එසේම ධර්ම දේශනාවලදී උපමා උපමේය ලෙස යොදාගෙන ඇත්තේ ද පාරිසරික වස්‌තූන්ම ය. ජලය බසින ගංගා, කුඹුරු, පාරුව, ගොවියා, හරක්‌, ගස්‌ වැල් තුරුලතා මේ අතර ඉතා වැදගත් ය. විශේෂයෙන් ථේරගාථා, ථේරි ගාථාවලදී ද පරිසරය ඉතා මනරම්ව වර්ණනා කරන ලද කථා පුවත් ද, ඒ හා සමඟ සුදුසු පරිසරයක විසීම වැනි ධර්ම කරුණු ද, රස්‌නය, සීතල, ජන සංඛ්‍යාව අඩු වැඩිවීම් මනසෙහි ක්‍රියාකාරීත්වයට කොයි ආකාරයෙන් බලපාන්නේ ද යන්න ගැනත් අවධානය යොමු කරමින් ගස්‌ වැල් විනාශ කිරීමට කිසිදු මිනිසෙකුට අයිති නැති බවත් ඒවා සංරක්‍ෂණය කරන අයුරුත් එයින් සිදුවන හොඳ ප්‍රතිඵලත් දක්‌වා ඇත. එසේම ඒවා අනුගමනය කළ ඉන්දියාවේ අශෝක රජතුමා ශිලා ලිපි පිහිටුවමින් රටවැසියාගේ යහපතට කටයුතු කළ ආකාරයත් එසේම ලංකාවේ බුද්ධදාස වැනි රජවරුන්ගේ කථා පුවත් තුළිනුත් පිළිබිඹු වන්නේ බෞද්ධ සංකල්ප රාජ්‍ය පාලනයට බලපෑ ආකාරයයි.



පරිසරය යන්නෙන් ගම්‍ය වන්නේ ගෝල පහක සංයුතියකි. එනම් වායු ගෝලය, ජල ගෝලය, භූ ගෝලය, වෘක්‍ෂලතා ගෝලය හා ජීව ගෝලයයි. මේ ගෝල පහත් සමඟ ගැටෙන මිනිසාගේ චර්යාවන් කෙසේ සිදුවේද යන්න පිළිබඳ විවිධ පර්යේෂණයන් ද වර්තමානයේ සිදුකර ඇත.



පාරිසරික අර්බුදය අද ලෝකයේ අන් කවරදාටත් වඩා සාකච්ඡාවට බඳුන් වී ඇත. මිනිසා තාක්‍ෂණික අංශයෙන් දියුණුවෙන් දියුණුවට පත්වන අතර චිත්තවේගාත්මක වශයෙන් පරිහානිය කරා ද මෙම දියුණුව බලපා ඇත. වර්තමාන විද්‍යාඥයන් විවිධ පර්යේෂණ කරමින් බාහිර දියුණුව කරා යොමු වුවද, චිත්ත සංතානයේ ඇතිවන අපහසුතාවන් අමතක කර දමා ඇත. එසේම තාක්‍ෂණික දියුණුවේ නරක ප්‍රතිවිපාක ගැන ද ඒවාට අවශ්‍ය පිළියම් ගැන ද දැඩි අවධානය යොමු කර නැති බව ද පෙනේ. මිනිස්‌ ඥාණයේ පිහිටෙන් තාක්‍ෂණික අතින් දියුණවෙන් දියුණුවට පත් වුවද එහිදී හදවතට දී ඇති තැනත් සදාචාරමය අංශයන් වෙත ලබා දී ඇති තැනත් ප්‍රමාණවත් නොවන බව අපට හැඟෙන්නේ අද කාලයේ ඇති වී තිබෙන පරිසරමය ප්‍රශ්නයන් දෙස බලන විටය. ආධ්‍යාත්මය විනාශ වී ගොස්‌ බාහිර ලෙස සම්මත කරගත් දියුණුවකට පැමිණ ඇත. එක්‌ සමාජ විද්‍යාඥයකු නූතන මිනිසා විමර්ශනය කරමින් පවසා ඇත්තේ අද කාලයේ මිනිසාගේ එක්‌ පයක්‌ ගුවන් යානයක තිබෙන අතර අනිත් පය ඇත්තේ ගොන් කරත්තයක බවය. මෙයින් අපට හැඟෙන්නේ මිනිසාගේ දියුණුව සමබර තත්ත්වයක නැති බව ය.



බුදුන් වහන්සේගේ කාලයේ අද කාලයේ මෙන්ම පාරිසරික විනාශයන් නොතිබුණු අතර පරිසරයේ ආරක්‍ෂාවට සරිලන කරුණු රාශියකුත් එම පාරිසරික හේතූන් මිනිසාට කෙසේ බලපාන්නේ දැයි ඉතා පැහැදිලිව දක්‌වා ඇත. බුදුන් වහන්සේගේ සමකාලීනයකු වූ ජෛන දර්ශනයෙහි නිර්මාතෘ වූ ජෛන මහා වීරතුමා ද උග්‍ර අවිහිංසාවාදියෙකු වූ අතර ඔහුගේ යම් යම් පාරිසරික සංකල්ප ද බුද්ධ විනය නීති රීති සැකසීමේදී පරීක්‍ෂාවට ලක්‌කර ආදර්ශයට ගෙන ඇත.



අද ලෝකය සංකීර්ණ ප්‍රශ්න වැලක පැටලී ඇත. ආතතිය, විශාදය, තාංසාව, අපරාධ, ත්‍රස්‌තවාදය, යුද්ධ, බඩගින්න, මන්දපෝෂණය, භයානක රෝග වන ඒaඩ්ස්‌ වැනි රෝග වලින් ද ඇලී ගැලී ඇත. මිනිසා අන් මිනිසෙකු නොහඳුනන තරමට ද බල අරගලයක යෙදී සිටින අතර තම අරමුණු සපුරා ගැනීමේ යෙදී සිටිති. මෙවැනි ලොවක පාරිසරික ප්‍රශ්න හමුවේ බෞද්ධ පාරිසරික මනෝවිද්‍යාවෙන් ගත හැකි ප්‍රයෝජනය ඉමහත්ය. බුදුන් වහන්සේ පරිසරය කොතරම් අගය කළේද යන්නට හොඳම උදාහරණය නම් උන්වහන්සේගේ සෑම වැදගත් සිදුවීමක්‌ම පරිසරය උපයෝගී කරගෙන සිදුවීමය. උන්වහන්සේ මේ ලෝකයට එළිය දුටුවේ ලුම්බිණිය නම් මනරම් සල් උයනයකය. අවුරුදු හයක්‌ පමණ දුෂ්කර ක්‍රියා කළේ ද වන අරණකමය. එසේම උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ ද නේරංජනා ගඟ අසබඩ ගයා නම් වූ ප්‍රදේශයේ ඇසතු ගසක්‌ මුලය. එසේම තමා අවබෝධ කර ගත් ධර්මය ප්‍රථම වරට දේශනා කළේ ද බරණැස ඉසිපතන මිගදාය නම් වූ ස්‌ථානයේ ය. අවසන පිරිනිවන් පා වදාළේ ද කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් වූ සල් උයනකය. එසේම භික්‍ෂුන් අතර යම් යම් අවස්‌ථාවලදී අසමගිතාවන් ඇතිවූ විට ඒවා ඔවුන්ට නිරාකරණයට ඉඩ දී තමන් වහන්සේ වන අරණට වැඩිය අවස්‌ථාවන් බෞද්ධ ඉතිහාසය තුළින් පෙන්වා දිය හැකිය. තමන් වහන්සේට බුදුවීමට සෙවණ දුන් ඇසතු ගසට කෘත උපකාර කිරීමක්‌ වශයෙන් සතියක්‌ ඒ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිය බව දක්‌වා ඇත. බුදු සමය පරිසරයට ඉමහත් භක්‌තියක්‌ දක්‌වා ඇති බව පැහැදිලිය. මේ අදහස තහවුරු කිරීමට "බුදුදහම පරිසරය හා ආධ්‍යාත්ම සුන්දරත්වය" නම් වූ කෘතිය රචනා කළ මීගොඩ පඤ්ඤාලෝක හිමියෝ මෙසේ පවසති. "පරිසරය මිනිසා කෙරෙහි දක්‌වන අප්‍රමාණ සෙනෙහස හා සුන්දරත්වය වටහා ගන්නා කවර තරාතිරමක අයෙකු වුවද, එයට අප්‍රමාණ භක්‌තියකින් ගෞරව කරනවා නො අනුමානය. ලොව වසන මුළුමහත් සත්ත්ව වර්ගයා හා ස්‌වාභාවික පරිසරය කෙරෙහි මිනිසා සැබවින්ම මාතෘත්වයෙන් හා පීතෘත්වයෙන් සැලකීම යුතුකමක්‌ වන්නේය. බුදුහු එය ලොවට ආදාර්ශයෙන් පෙන්නුම් කළහ. "එක්‌ අවස්‌ථාවක බුදුන් වහන්සේ ෙද්‍ර`ණ බමුණාට තමන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ පරිසරයට ඉතාම හිතකාමී පරිසරවේදියකු ලෙසය බ්‍රාහ්මණය, වළේ හටගන්නා පියුම මඩ නොතැවරී පිපී විකසිත වන්නේ යම් ආකාරයෙකට ද එසේම බ්‍රාහ්මණය මමත් පරිසරය නමැති විලෙහි හටගෙන පරිසරයට හානි නොවන ලෙස පරිසරය තුළ පද්මයක්‌ සේ ජීවත් වෙමි. පරිසරෙහි ජීවත් වුවත් එහි නොඇලී සිටිමි" යනාදී වශයෙන් පරිසරය සමඟ ඇති අන්තර් සම්බන්ධය විස්‌තරාත්මකව දේශනා කර ඇත.



සුත්ත නිපාතයේ ඛග්ග විසාන සූත්‍රයට අනුව මානව වර්ගයාගේ මානසික සංවර්ධනයට වඩාත්ම පරිසරය ද බලපානු ඇත. වර්තමාන ලෝකයේ සෑම කෙනෙකුම කෘතිම ලෝකයක ජීවත්වන අතර එහිදී චිත්තවේගයන් පාලනය කිරීම එතරම් පහසු නොවේ. ස්‌වාභාවික පරිසරයක ජීවත්වන විට ප්‍රශ්න බොහෝ අඩුය. අතීතයේ අපේ මුතුන් මිත්තන් එසේ ඉතාම චිත්ත ප්‍රීතියෙන් ජීවත් වූ අතර, එමඟින් ඇති වූ චිත්ත ඒකාග්‍රතාවය මත සිට විශාල වෙහෙර විහාර ද අගනා නිර්මාණ ද කර ඇති අයුරු, අනුරාධපුර, පොලොන්නරු ආදී නටබුන් වලින් මනාව පෙන්නුම් කර ඇත. එසේම බුදුන් වහන්සේ පරිසරය ගැන ගෞරවයෙන් දේශනා කළා මෙන්ම පරිසරය ගැන භක්‌තියෙන් තම ශ්‍රාවක සමූහයාගේ නිල ඇඳුම වන සිවුර සකස්‌ කර ගැනීමේදී දිගටත්, හරහටත් වේළි දමා සමානුපාතිකව මනාව බෙදන ලද මගධයේ කුඹුරු යාය දුටු බුදුන් වහන්සේ එහි ආකර්ශනීය රටාව සිවුර සකස්‌ කර ගැනීම පිණිස අනුකරණය කරන මෙන් ආනන්ද හිමියන්ට උපදෙස්‌ දුන්හ. එමතුදු නොව, ගොම ගා කසාවන් මැටි ආදියෙන් රංජනය කළ සිවුර දුර්වර්ණ වූ විට (චීවරං දුබ්බණ්‌ණං හෝති) ගස්‌වල මුල් කඳ පොතු කොළ හා මල්වලින් සැකසූ පඬු සිවුර පාට කර ගැනීම සඳහා අනුදැන වදාළහ.



ආදි කාලීන ගල් යුගයේ සිට අද දක්‌වා ආපසු හැරී බලන විට අප සිය දහස්‌ ගුණයකින් තාක්‍ෂණිකමය දියුණුවකින් ඉදිරියෙන් සිටී. මිනිසා නොයෙක්‌ විට අපේක්‍ෂා තබාගනී. අපේක්‍ෂාවන් සඵල නොවන විට ඉච්ඡාභංගත්වය ඇති වේ. එය විවිධ වූ මානසික රෝග වලට ද හේතූන් වේ. එම නිසා අහස උසට බලාපොරොත්තු තබා ගැනීම බෞද්ධ මනෝවිද්‍යාවට අනුකූල නොවේ.



බෞද්ධ ජීවන දර්ශනය ඉතා සරලය. බුදුන් වහන්සේගේ ජීවිතය ගත්තද භික්‍ෂුන් වහන්සේලාගේ ජීවිතය ගත්තද, ඒවා ඉතා සැහැල්ලු ලෙස පවත්වා ගෙන යැමට අවශ්‍ය මඟ පාදා ඇත. පැවිද්ද නම් රුක්‌මුල් සෙනසුන් කොට වුවද වසනු පිණිස යෑයි සැලකිය යුතුය. අබ්භොකාසං නිස්‌සාය පබ්බඡ්ජා ගිහිගෙය කරදර සහිත අතර පැවිදි දිවිය අභ්‍යාවකාශය සේ සැහැල්ලුය. බෞද්ධ ගිහි ජනයා අතර ද මුල් කාලයේ සංකීර්ණ මනෝභාවයන් නොතිබූ අතර, ඔවුන් මනාව බුදු දහම තේරුම් ගෙන ජීවත් වූහ. එසේම සිව්පසය ලෙසින් සලකන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානප්පච්චය යන සතරින් එනම් විළිවසා ගැනීමට වස්‌ත්‍ර ද, ශරීරයේ පැවැත්මට කෑම ද, මැසි මදුරු උවදුරුවලින් මිදීමට නිවාස ද, ආබාධ ඇති වූ විට ඖෂධ ද භාවිත කර ඇත. බෞද්ධයා ලද දෙයින් තුටු වන අතර අටලෝ දහමෙහිදී කම්පා නොවේ. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප සහ දුක යන සෑම දෙයකදීම මධ්‍යස්‌ථව කම්පා නොවී සිටීම බෞද්ධ ඉගැන්වීමයි. අවම අපේක්‍ෂාවන් ඇති විට පරිසරයට සිදුවන හානිය ද අවම වන්නේය. බෞද්ධයාගේ මේ සරල මෙන්ම ඉතා වැදගත් ගුණ ධර්ම මෙත්ත සූත්‍රයේදී මෙලෙස දක්‌වා ඇත. ලද දෙයින් සතුටු වන අතර (සන්තුෂ්කො) පහසුවෙන් පෝෂණය කළ හැකිය (සුභරො), කාර්ය බහුල නොවූ (අප්පකිච්චො), සැහැල්ලු පැවතුම් ඇති (සල්ලහුකවුත්ති) සන්සුන් ඉද්‍රියයන්ගෙන් යුක්‌ත වූ (සන්තින්ද්‍රියො) බුද්ධිමත් (නිපකො) යනාදී ආකල්පයන්ගෙන් හෙබි පුද්ගලයකු බිහි කිරීම බෞද්ධ ජීවන මාර්ගය වේ. ඔහු පරිසරය හා ගැටෙන්නේ ඉතා පරිස්‌සමෙනි. එය උදාහරණයකින් දක්‌වන්නේ නම් බඹරෙකු වර්ණය ද, සුගන්ධය ද නොපෙළා මලෙහි රොන් රස පමණක්‌ ගන්නා මෙන් ය. විශේෂයෙන් බෞද්ධ දර්ශනයට අනුව මේ ලෝකයෙහි සියල්ල අනිත්‍යය. දුක්‌ඛය, අනාත්මය. බුදුන් වහන්සේගේ පරම අපේක්‍ෂාව වූයේ මේ දුකින් පෙළෙන සත්ත්වයන් එයින් මුදා ගැනීමය. ජීවිතය දුක්‌ ගොඩකින් සමන්විත වන අතර තමාට තමාවත් නැති බව දන්නා බෞද්ධයා කෙදිනක හෝ සියල්ල අතහැර යා යුතු බව දන්නා නිසා සරල අපේක්‍ෂාවන් තුළින් ජීවිකාව ගෙවන බව රට්‌ඨපාල සූත්‍රයේදී දක්‌වා ඇත. සරල අපේක්‍ෂාවන් තුළ ජීවිතය පහසුය. එහිදී මානසික ප්‍රශ්නවලින් පීඩා විඳීමට සිදුනොවේ. මේ සංකල්පය පටිච්ච සමුප්පාද දර්ශනය තුළ පැහැදිලි ලෙස දක්‌වා ඇත. අධික ලෙස අප සම්පත් රැස්‌ කිරීමට පෙළඹෙන විට දැඩි තෘෂ්ණාවක්‌ ඇති වේ. මේ දැඩි තෘෂ්ණාව සම්පත් කෙරෙහි දැඩි ඇලීමක්‌ ඇති කරන අතර එය එම සම්පත් පරිහරණය කිරීමේ ආශාව වෙත ගෙන යන අතර එමගින් එම ස්‌වභාවික සම්පත් තමාගේ කර ගැනීමට යැම තුළ විවිධ ප්‍රශ්න ඇති වේ. විශේෂයෙන් ම රහත් භාවයට නොපැමිණි අප සැවොම රාග ද්වේෂ මෝහ ආදී නොයෙකුත් අකුසල මූලයන්ගෙන් ගහණ අපේ සිත නොයෙකුත් දිසාවන් කරා රැගෙන යන අතර, ඒ නිසාම පරිසර සම්පත් නතු කර ගැනීමට යැම නිසා ද පුද්ගලයා සහ පරිසරය අන්තර් සම්බන්ධය බිඳීයැම තුළින් නොයෙකුත් පාරිසරික ගැටලු මතු වේ. බුදු දහමෙහි සඳහන් සීලය ආරක්‍ෂා කිරීමත් එසේම මෛත්‍රී වැනි භාවනා තුළින් ද මූලික ලෙස මේ පරිසර ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැක.



හුදෙක්‌ ශාක සත්ව යන ජීව පරිසරය පමණක්‌ නොව අප අවට ඇති අජීව පරිසරය ද සුරැකීම බෞද්ධ දර්ශනයෙන් නිර්දේශිතය. අසීමිත ආශාවන්ගෙන් මිනිස්‌ මනස පිරී තිබෙන නමුදු නුවණැත්තා තමන්ගේ මූලික අවශ්‍යතාවන් වන වස්‌ත්‍ර, ආහාර, නිවාස, බෙහෙත් යන අංශ ගැන අවධානය යොදමින් තණ්‌හාවේ වහලෙකු නොවී අවශ්‍ය පමණට භුක්‌ති විඳීමට බුදුන් වහන්සේ උපදෙස්‌ දී ඇත.



සිල්වත් බව බෞද්ධ ආචාර ධර්ම පද්ධතියේ මූලිකම ලක්‍ෂණයකි. සිල්වත්වීම තුළින් ජීව අජීව යන දෙකොටසටම ආරක්‍ෂාව සැලසිය හැකිය. සාමCඳ්Cඳඵල සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ ආකාරයට දේශනා කර ඇත. "පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවරතො හොති, නිහීත දණ්‌ඩො නිහීත සතෙථා ලඡ්ජි දයාපන්නො සබ්බ පාණභූත හිතානුකම්පි විහරති ඉදම්පිස්‌ස හෝති සීලස්‌මිං" ප්‍රාණඝාතය අත්හරින්න, දඬු අවි අත්හරින්න, අනුන්ට හිංසා කිරීමේ ලඡ්ජා වී සියලු දෙනා වෙතම දයාව, අනුකම්පාව ඇති කරන්න. එයම සීලයයි.



එසේම තමාව රකින්නා අනුන්ව රකින බවද බෞද්ධ දර්ශනයෙහි මෙසේ දක්‌වා ඇත. අත්තානො රක්‌ඛන්ති පරං රක්‌ඛති. තමාට ආදරය කරන්නා අන් අයට ද ආදරය කිරීමට උත්සාහ ගනී. එමගින් මුළු මහත් සමාජය වෙතම දයාව අනුකම්පාව දැක්‌වීමට පුරුදු පුහුණු වේ. බුදු දහමෙහි සබ්බේ සත්තා යනු සියලුම සත්වයෝ ය. බුදු දහමෙහි මෙම සංකල්පය මත පිහිටා කටයුතු කරන අතර හුදෙක්‌ මිනිසා ගැන පමණක්‌ නොසිතන අතර අන්‍ය සත්ත්වයන් ගැන ද එසේම සමාජයේ වැදගත් කොටසක්‌ ලෙස සලකනු ලැබේ.. බොහෝ ආගම්වල මිනිසාට පමණක්‌ සැලකිල්ලක්‌ දැක්‌වුව ද, බුදු දහමෙහි අන් සියලුම ජීවීන්ගේ සුරක්‍ෂිතභාවය ගැන ද ගෞරවයෙන් යුතුව අවධානය යොමු කොට ඇත. "සියල්ලෝම දඬුවමට තැති ගණිත්, සියල්ලෝටම ජීවිතය ප්‍රියය. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය." තමා උපමාවට ගෙන කටයුතු කරන්නා සේම සියලුම සත්ත්ව සමූහයන් වෙත අනුකම්පාව දැක්‌විය යුතු බව ද බුදු දහම අවධාරණය කර ඇත. සබ්බ භූතානුකම්පී යනුවෙන් එය දක්‌වා ඇත. සියලුම සත්ත්වයන් හට කරුණාව දැක්‌වීම බුදු දහමෙහි මූලිකම සංකල්පයක්‌ වන අතර එය පදනම් කරගෙන මුළු පරිසරයම රැකගත හැකි බව ද දක්‌වා ඇත.



උසස්‌ වූ මනසක්‌ ඇති මිනිසා බුද්ධිමත් නිර්මාණශීලී හැකියාවන්ගෙන් අග්‍ර වුවද අන්‍ය ජීවීන් විනාශ කිරීමේ අයිතියක්‌ ඔහුට නැත. බෞද්ධ ගිහි විනයේ සීල ප්‍රතිපදාවේ මූලිකම ප්‍රතිපත්ති මාලාව නම් පංච ශීලයයි. එහි මුල්ම ශික්‍ෂා පදය වන්නේ සත්ව ඝාතනයෙන් තොර වීමය. දස සීලයෙහි ද, උපසම්පදා භික්‍ෂුන් උදෙසා පණවා ඇති පාරාජිකා වල ද මුල්ම ශික්‍ෂා පදය වන්නේ ප්‍රාණඝාතයෙන් වැලකී සිටීමය. දස රාජ ධර්මයෙහි ද සතුන්ගේ ජීවිතවල ආරක්‍ෂාව ගැන අවධාරණයෙන් යුතුව දේශනා කර ඇත. එසේම වසල සූත්‍රයේදී දේශනා කරන්නේ යම් අයෙකු සතුන් කෙරෙහි දයාවක්‌ නොමැතිද ඔහු වසලයෙකු බවය. "යස්‌සපාණෙ දය නත්ථි තං ඡඤ්ඤා වසලෝ ඉත" තවද ප්‍රාණඝාතය අපමණ සසර දුකට හේතුවන අතර දස අකුසලයෙහි පළමු වැන්නය. සියලු සතුන්ට දයා පරවශ වූයේ දඬුවම හැර දැමූයේ හෙතෙම සැබෑ බමුණෙකි. ශ්‍රමණයෙකි. භික්‍ෂුවකි. යනු බුද්ධ දේශනාවය. චක්‌කවත්ති සීහනාද සූත්‍රයේදී දක්‌වා ඇත්තේ රාජ්‍ය පාලනයේදී සත්ව සහ ශාක ආරක්‍ෂා කිරීම ද රජයේ ප්‍රධාන වගකීමක්‌ බව ය. දස සක්‌විති වත් නම් වූ බෞද්ධ දේශපාලන පිළිවෙතෙහි ධාර්මික ලෙස මෘග පක්‍ෂි සමූහයාට රැකවරණ සැලසිය යුතු යෑයි දක්‌වා ඇත. "ධම්මංයේව නිස්‌සාය ධම්මංසක්‌කරොන්තො - ධම්මිතං රක්ඛවරණං ගත්තිං සංවිදහංසු මිග පC‚සු" රාජ්‍ය පාලනයෙහිදී ශාක සහ සත්ව සමූහයා ආරක්‍ෂා වන පරිදි නීති රීති සම්පාදනය කර පාලන කටයුතු කිරීමට කූටදන්ත සූත්‍රයේදී බුදුන් වහන්සේ අවධාරණය කර ඇත. පරිසරය පිළිබඳව ද සත්වයන් පිළිබඳව ද ඉතා සංවේදිතාවයෙන් කටයුතු කරන්නේ නම් පාරිසරික අර්බුදවලින් තොරව මිනිසාට ජීවත් විය හැක. අප සෑම සත්ත්වයෙකුටම මෛත්‍රිය කළ යුතුය. කරණීය මෙත්ත සූත්‍රයට අනුව මවක්‌ සිය එකම පුතු යම් සේ ජීවිතය මෙන් රකී ද, එසේම සියලුම සත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය වැඩිය යුත්තේ ය. "මාතා යථානියං පුත්තං, ආයුසා ඒක පුත්ත මනුරක්‌ඛේ එවමපි සබ්බ භූතේසූ, මානසංභාවයේ අපරිමාණං"



ඉන්දියාවේ සිටි ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වූ ධර්මාශෝක රජතුමා බුදු දහම පිළිගැනීමෙන් පසු රජ මාලිගාවේ ආහාර සඳහා මරණ ලද සතුන් ප්‍රමාණය 13 වන ගිරි ලිපිය ලියන අවස්‌ථාව වන විට මොනරුන් දෙදෙනෙකු දක්‌වා අඩු කළ බව දක්‌වා ඇත. එසේම එය සම්පූර්ණයෙන් ම නවත්වන බවත් දක්‌වා ඇත. "පුලේ මහානසසි දේවනංපියේ පියදස්‌සිනේ රාජනී බහුනි පාණසාහපානි ආලභි සුපඨායේ සේ ඉදානි යදා ඉයං ධම්මලිපි ලේඛිතා තදා තිණ්‌නියේව පානානි අලභි යන්ති දූවේ මජුලා එකේ මිගේ. තෙපි නො හුතලුපවේ"



ධර්මාශෝක රජතුමා විසින් මිනිසුන් සහ තිරිසන් සතුන් වෙනුවෙන් ද ආරෝග්‍යශාලා ගොඩනඟන ලද බව දෙවැනි ගිරිනරා ලිපිය සඳහන් කර ඇත. "සර්වත්‍ර දෙවානම් පරියා මනුස්‌ස විකිච්ඡාව පුසු විකිච්ඡාව" එසේම නන්දිවිශාල ජාතකයට අනුව ගෙදර ඇති කරන සතුන්ට ද කාරුණිකව සැලකිය යුතුය. කාරුණික වචනවලින් වන සතුන් ද හීලෑ කළ හැකි බවට හොඳම නිදසුන නම් පාරිලෙය්‍ය වනයේදී බුදුන් වහන්සේට උපස්‌ථාන කළේ ද ඇතෙකු විසිනි. තවද නාලාගිරි නම් වූ චණ්‌ඩ හස්‌ති රාජයා බුදුන් වහන්සේ විසින් දමනය කරන ලද්දේ ද උන්වහන්සේ සතු වූ කාරුණික ගුණ මහිමය නිසාම ය. උන්මාදන්ති ජාතකයට අනුව මෙසේ දක්‌වා ඇත. ධම්මං චාරෙ මහාරාජ මිග පක්‌කීසු ඛත්තියා ඉධ ධම්මං චරිත්වාන රාජසග්ගම් නොමිස්‌සාසි. ක්‍ෂත්‍රිය රජවරු සතුන්ට හා පක්‍ෂීන්ට කාරුණික විය යුතුය. සතුන්ට හා පක්‍ෂීන්ට කාරුණික වන රජවරු ප්‍රීතිමත් ජීවිතයක්‌ ගත කරන බව දක්‌වා ඇත.

Monday, August 31, 2009

අපේ හරිත මෙහෙයුම

දැක්ම
මතු පරපුර උදෙසා පාරිසරික වගකිම් සුරකින සමාජයක් බිහි කරමු.
මෙහෙවර
බල ශක්ති සංරක්ෂණය අවම සම්පත් භාවිතය හා අපද්‍රව්‍ය කළමණාකරණ කාර්යය මගින් පරිසර සංරක්ෂණ වගකිම් සුරැකීම.
ආදර්ශ පාඨය
“අද රකින පරිසරය රකී අප හෙට දවස”

අපේ පට්ටන්දරේ

හරිත ඵලදායිතා කවය
ආරම්භක දිනය :- 2007-05-16


රැස්විම් පවත්වන දිනය :- සෑම මසකම අවසන් සදුදා දින
රැස්විම් පවත්වන ස්ථානය :- හරිත කුටිය
කව නායක :- පැතුම්ද සිල්වා
ලේකම් :- ලලිතා කුමාරිහාමි
සාමාජිකයින්
ආර් එම් සී එම් හේරත් - ප්‍රාදේශීය ලේකම්
මුදිතා පද්මජායි - සහකාර ප්‍රාදේශීය ලේකම්
රොෂානි කුරේ - ඉඩම් අංශය
උදිතා රුවන්මාලි - ගිණුම් අංශය
එල් ජී අබේසිංහ - ගිණුම් අංශය
නන්දා ඥානතිලක - සමෘද්ධී අංශය
චින්තා විජයන්ති - සමෘද්ධි අංශය
මල්ලිකා ජයවර්ධන - ආයතන අංශය
ජීවනි කුමාරි - සංවර්ධන අංශය
ඉන්දිකා ප්‍රියදර්ශනි - සංවර්ධන අංශය



සාමාජිකයින් තෝරා ගන්නා ආකාරය

 
 ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් සහ පරිසර නිලධාරි අනිවාර්ය සාමාජිකයින් වේ.

 එක් අංශයකින් දෙදෙනෙකු බැගින් අනෙකුත් සාමාජිකයින් තෝරා ගැනිම කරනු ලබයි.

කවනායක කාර්ය භාරය

 වසරක කාලයක් සදහා හරිත කව රැස්විම් තුලදි සියලුම කව ක්‍රියාකාරකම් ඉටු කිරිමේදි නායකත්වය සැපයිම.


සාමාජික කාර්යභාරය


 හරිත කවයේ රැස්විම් සදහා සහභාගි වීම

 හරිත කවයේ යෝජනා ගෙන ඒම ඒ පිලිබද සාකචිඡා සදහා සහභාගි විම

 තීරණ ගැනිමේදී සහය දැක්විම

 කව ව්‍යාපෘති සැලසුමි කිරිම සදහා සහය දැක්විම


 ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සදහා සහය දැක්විම


 අංශ තුලදි පිවිතුරු/හරිත මෙවලම් භාවිතය ජයප්‍රිය කිරිම





Wednesday, December 10, 2008

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර ප්‍රතිපත්තිය

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිසර ප්‍රතිපත්තිය

තේමාව :- මතු පරපුර උදෙසා පරිසර වගකිම් සුරකින සමාජයක් බිහි කරමු

හැදින්විම :-

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට වන අහිතකර බලපෑම් වර්තමානය වන විට එහි උචිචතම ස්ථානයට ලගා වෙම්න් පවති. අනාගතයේදි එම බලපෑම්වල අහිතකර ප්රිතිඵල මිනිසා පමණක් නොව මුළු මහත් ජීවි සන්තතියටම විදින්නට සිදුවීම වලක්වාලිය නොහැක. පොදුවේ මිනිසා වෙසෙන පරිසරයට සිදු කරන අහිතකර පාරිසරික බලපෑම අවම කිරිම තුලින් ජෛව හිතකාම් පරිසර තත්වයක් ගොඩනැංවිමට තවමත් අවකාශ පවති.

කාර්යාලයක නිලධාරින් සැලකූ විට දෛනික ජීවිතයේ වැඩිකාලයක් ගත කරන සේවා පරිශ්රශය තුල සොදුරු වටපිටාවක් ගොඩනැංවිම සහ නාස්තිය පරිසර දුෂණය අවම කිරිම තුලින් ස්වකිය ශාරිරික හා මානසික සංතෘප්තිය සංවර්ධනය වනවා මෙන්ම පොදුවේ ජෛව සංහතියටම එයින් සේවයක් සැලසෙනු ඇත.

සම්පත් පරිභෝජනය අවම කිරිම අපද්‍රව්‍යය කළමණාකරනය පරිසර හිතකාම් ජීවන පැවැත්මකට හැඩගැන්විම ආදි සංකල්ප ඔස්සේ විවිධ උපාය මාර්ග හා ක්‍රියාකාරකම් මගින් පරිසර වගකිම් වලින් බැදුනු පුද්ගලයෙකු ඇති කිරිමත් ඒ ඔස්සේ එම ක්‍රියාවලි නිවාස ගම් හරහා ජාතික හැගිම් ලෙස වැඩිදියුණු කිරිමත් ප්‍රමුඛ කොටගත් කාර්යයක් ලෙස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය පරිසර සංරක්ෂණ ක්‍රි යාදාමය ගොඩනැගේ.

පරමාර්ථ :-

සේවක සහ සේවාලාභීන්ගේ පරිසර අවබෝධය වර්ධනය

 පරිසර වගකිම් වලින් බැදුණූ ජීවන තත්වයකට හුරු කිරිම

 පරිසර වගකිම් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය හදුනා ගැනීම

 පරිසර ඇල්ම ආදරය ඇති කිරිම

 පරිසර හිතකාම් ද්‍රව්‍යය භාවිතය සහ සම්පත් නාස්තිය නැති කිරිම

 පරිසර විෂය කේෂේත්‍ර හා ආයතන අතර සබදතා වර්ධනය

 කාර්යාලීය සේවක මණ්ඩලය සදහා පරිසර චර්යාධර්ම පද්ධතියක් ඇති කිරිම

 කාර්යාලය වෙත පැම්ණෙන සේවාලාභීන් වෙත පරිසර පණිවුඩ රැගෙන යාම

8 පාරිසරික නිති රිති පිලිබදව දැනුවත් කිරිම
ජාතික පරිසර පනත, පාංශූ සංරක්ෂණ පනත, ආදි පරිසරය හා බැදුණු අණ පනත් හා නිති රිති පිලිබදව දැනුවත් කිරිමේ වැඩමුළු කලින් කල සංවිධානය කෙරේ.

9 අත්හදා බැලීම් සදහා උනන්දු විම
පරිසර ක්‍රියාකාරකම් පිලිබදව කව කමිටු ව්‍යාපෘති සැකසිම සහ ක්‍රියාත්මක කිරිම් සදහා උපරිම දායකත්වය සහයෝගය ලබා දීම

10 අත්දැකිම් හුවමාරුව
විවධ රාජ්‍යය හා රාජ්‍යය නොවන ආයතන ඒකක වෙත අත්දැකිම් චාරිකා සංවිධානය කෙරේ.

11 සාම්ප්‍රදායික දැනුම ප්‍රයෝජනයට ගැනිම
කාර්යාලිය සහ ප්‍රා‍දේශිය මටිටමේ පරිසර ක්‍රියාකාරකම් වලදි දැනට පවතින සාම්ප්‍රදායික ක්‍රම මතු කර භාවිතයට ප්‍රමුඛතාවය දෙනු ඇත. එවැනි අවස්ථාවලදි සාම්ප්‍රදායිකත්වය සදහා වැඩිහිටි හා සාම්ප්‍රදායික දැනුම උරුමකරුවන් යොදා ගැනේ.

12 විධිමත්ව සම්පත් භාවිතය පිලිබදව අධ්‍යා පනය/දැනුවත් බව ලබාදිම
ජලය විදුලිය ප්‍රමුඛ අනෙකුත් සමිපත් විධිමත්ව භාවිතය පිලිබදව අධ්‍යාපනය ලබා දීම සහ ලබා ගැනීම සදහා උපක්‍රම සැලසුම් කෙරේ.

13 පරිසර සන්නිවේදනය ප්‍රවර්ධනය
අභ්‍යන්තර හා බාහිර පාරිභෝගිකයින් තුල පාරිසරික හැගිම ඇල්ම ගොඩනැගිම සදහා සන්නිවේදන උපාය මාර්ග කාර්යාලය තුල මෙන්ම බැහැරවද සන්නිවේදනය කරේ.

14 බාහිර අංශ සම්බන්ධ කර ගැනිම
ප්‍රාදේශීය පරිසර කමිටුව හරහා පාරිසරිකව සෘජුව සම්බන්ධතා දක්වන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සමග සම්බන්ධතා ගොඩනගා ගැනිම සිදු ‍ෙකරේ.

15 සාම්ප්‍රදායික දැනුම සංරක්ෂණය
පරිසරය සම්බන්ධ ජනප්‍රවාද දේශීය වෙදකම සම්බන්ධ දැනුම ගස්වැල් නාම වැනි තොරතුරු අධ්‍යයනය කර ප්‍රකාශනය කිරිම සිදු කෙරේ.

16 ආදර්ශ සකස් කිරිම
ප්‍රතිචක්‍රිය,ප්‍රතිභාවිත,හිතකාම් බලශක්ති සංරක්ෂණ පිලිබද ආදර්ශත මත ගොඩනැගෙන දැනුම ලබා ගැනිම සහ බෙදා හැරිම සදහා කටයුතු සිදු කෙරේ.

17 පරිසර හිතකාම් ද්‍රව්‍ය මිලදි ගැනිමේ ප්‍රතිපත්තිය
කාර්යාලිය සේවා කටයුතු සදහා හරිත මිලදී ගැනිමේ ප්‍රතිපත්තියක් සකස් කර පරිසර හිතකාම් නිෂ්පාදන පමණක් මිලදී ගැනිම සිදු කෙරේ.

18 ඝණ අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනිම
කාබනික පොහොර නිෂ්පාදන ඒකක ඇති කිරිම සහ ප්‍රතිචක්‍රිකරණය සදහා බාහිර ආයතන වලට විකිණිම මගින් ඝණ අපද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනිම සිදු කෙරේ.
19 තාක්ෂණික හැකියාවන් වර්ධණය කර ගැනිම
අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය ප්‍රතිභාවිතය විකල්ප බලශක්ති නිස්පාදන ක්ර ම භාවිතය පිලිබද තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරිමේ උපක්රිම භාවිතා කෙරේ.

20 ප්‍රමිතින් ගොඩනැගිම
සේවා සහ භාණ්ඩ පරිහරණය සම්පත් භාවිතය සහ පරිසර ක්‍රි යාකාරකම් පිලිබද ප්‍රමිතීන් ගොඩනංවන අතර පාලන ක්‍රියාමාර්ගය මගින් හැකිතාක් ප්‍රමිතිය ආරක්ෂා කිරිම සිදු කෙරේ.

21 උපදේශක සේවා ලබා ගැනිම
අතයවශ්‍ය කරුණක් සේ සලකා විවිධ ආයතන හා පුද්ගල උපදේශන අව්‍ශ්‍යතාවය අනුව ලබා ගැනිමට කටයුතු කෙරේ.

22 ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගැනිම
සුර්ය බල ශක්තිය වැසි ජලය සුළං ආදි ස්වාබාවික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනේ.

23 හරිත ඵලදායිතාවය හා පිවිතුරු නිෂ්පාදන මුලධර්ම භාවිතය
පරිසර හිතකාම් සේවා පරිශ්‍රයක් පදනම් කරගෙන හරිත ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිතයි.

24 පරිසර දින සැමරුම්
දැනුම අවබෝධය ආකල්ප සංවර්ධනය අරමුණු කරගෙන පරිසර දින සැමරුම් සංව්ධානය කෙරේ.

25 ආයතනික ධුරාවලිය ගොඩනැංවිම
හරිත ඵලදායිතාවය පිවිතුරු නිෂ්පාදන සංකල්පය පදනම් කරගත් කාර්යාලිය ධුරාවලියක් ගොඩනැගේ. ප්‍රාදේශීය පරිසර කමිටුවට අමතරව ක්‍රියාත්මක කමිටුවක් ලෙස හරිත කවයත් ක්‍රියාත්මක වේ. තත්ව කව නියාමන කමිටු මෙම ධුරාවලියට බන්ධ කෙරේ.

26 පොලිතින් භාවිතය අවම කිරිම
භාවිතය අඩු කිරිම නැවත නැවත භාවිතය සහ ලන්චිෂිටි භාවිතයෙන් වැලකීම වැනි ක්‍රම මගින් පොලිතීන් භාවිතය අවම කිරිම සදහා ක්‍රියාමාර්ග ගනු ලැබේ.


පාරිසරික චර්යාධර්ම

දේශියත්වයට ගරු කිරිම සහ සංස්කෘතිය ඇගයීම
 සඵල ජීවන රටාව
 ගස් වැල් මිතුරන් සේ සැලකීම
 පරිසරය රැකීමේ යුතුකම් අගය කිරිම
 බාධක ඉවසිම
 තිරසාර පාරිසරික සංවර්ධනය සදහා පෙරගමන්කරුවෙක් වීම